සිංහල සිනමාවට සුභ අනාගතයක සලකුණු ගෙන එන "ආලෝකෝ උදපාදි"
Submitted by Srilife on Sat, 01/21/2017 - 14:26චත්‍ර වීරමන්ගේ පළමු සිනමා නිර්මාණය "ආලෝකෝ උදපාදි" ජනවාරි 20 සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වීම ආරම්භ වුණා."ආලෝකෝ උදපාදි" නිෂ්පාදනයෙන් දායක වන්නේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේනය. මේ ඔහුගේද පළමු සිනමා නිෂ්පාදනයයි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසුව වළගම්බා රජ සමයේ සිදුවූ ශ්‍රී ලංකා ඉතිහාසයේ අතිශය තීරණාත්මක සිදුවීම් පෙළක් චිත්‍රපටයට පාදක වී තිබෙනවා. එවක සිදුවූ සොළී ආක්රමණයත්, ගම්වැසියන් හා මහා සංඝරත්නය ඝාතනය කරමින් සොළීන් ක්‍රියාකළ ආකාරයත්, එතෙක් මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ සම්බුද්ධ ධර්මය මහා සංඝරත්නය විසින් ත්‍රිපිටකයට ග්‍රන්ථාරූඪ කළ ආකාරයත් "ආලෝකෝ උදපාදි" ඔස්සේ දිගහැරේ.
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වන නීතිඥ සමන් වීරමන් මෙහි තිර පිටපත රචනා කර තිබෙන අතර ඔහුගේ පුත් චත්‍ර වීරමන්, "ආලෝකෝ උදපාදි" අධ්යක්ෂවරයා ලෙස සිනමාවට පිවිසෙනවා.
උද්දික ප්‍රේමරත්න මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන අතර දිල්හානි ඒකනායක, නිරෝෂා තලගල, රොෂාන් ප්‍රනාන්දු, මේනකා පීරිස්, දර්ශන් ධර්මරාජ, බුද්ධදාස විතානාච්චි, ඇතුළු ශිල්පීහු රැසක් මෙහි රඟනයෙන් එක්වනවා.