ලෝකයේ පළමු වරට ජෙට් යනා සමඟ තරඟෙට පියාසර කරන ජෙට් මිනිස්සු
Submitted by Srilife on Fri, 12/02/2016 - 12:55ලෝකයේ ප්‍රථම වතාවට ජෙට් පැක් සිවිකරගත් නියමුවන් තිදෙනෙක් ප්‍රංශ ගුවන් හමුදාවට අයත් Alpha ජෙට් යානා අටක් සමඟ අඩි 4000ක් ඉහළ අහසේ පියාසර කළ වීඩියෝවක් අන්තර්ජාලයට නිතුත් වී තිබෙනවා. ජෙට් යානා සමඟ පැයට කිලෝමීටර් 260ක පමණ වේගයෙන් මොවුන් තිදෙනා පියාසර කළ බවයි සඳහන් වෙන්නේ.
බැලූ බැල්මට මෙය ඉතා සාමාන්‍ය දෙයක් ලෙස පෙනුනද ඉහළ අහසේ දී ඇතිවන කැළඹීමට ගැලපෙන ලෙස පියාසර කිරිම සඳහා ඉතා හොඳ සූදානම් වීමක් තිබිය යුතුවනවා. මෙම බිහිසුණු කාර්ය සිදුකර තිබුණේ Yves Rossy, Vincent Reffet සහ Fred Fugen කියන ජෙට් පැක් පදවන්නන් විසිනුයි.