මාස 5කින් ඇඟ හදාගත්ත හැටි අමීර් ඛාන් වීඩියෝවකින් පෙන්නයි
Submitted by Srilife on Thu, 12/01/2016 - 13:46සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන්ගේ නවතම චිත්‍රපටය තමයි Dangal. මෙම චිත්‍රපටය පසුගිය දෙසැම්බර් 23 දින ලොවපුරා තිරගත වීම ආරම්භ කළා. ඉන්දියානු මල්ලවපොර ශූරයෙක් වූ Mahavir Singh Phogat තම දියණියන් තිදෙනා ලොව පිළිගත් මල්ලවපොර ශූරයින් බවට පත්කිරීමට දැරූ ප්රයත්නය වටා චිත්‍රපටයට ගෙතී තිබෙනවා.
චිත්‍රපටය තුල Mahavir Singh ගේ චරිතයේ මහළු විය සහ තරුණ විය යන දෙකෙහිම අවස්ථාවන් නිරූපණවනවා. මෙහි තරුණ වියේ චරිතය සඳහා අමීර්ගේ සාමාන්‍ය ශරීර ප්‍රමාණය සුදුසු වුවත් මහළු චරිතය සඳහා තරබාරු සිරුරක් අවශ්‍ය විය. වඩාත් තාත්විකව මහළු චරිතය නිරූපණය කිරීම සඳහා අමීර්ට තම ශරීරය තරබාරු කර ගැනීමට අවශ්‍ය වුනා. මේ සඳහා සීමා සහිතව අහාර ගැනීමට ඔහුට සිදුවී තිබෙනවා. අවසානයේ ඔහු කිලෝ 96ක් දක්වා බර වැඩි කරගත් අතර ඔහුගේ බඩද ඉදිරියට නෙරා තිබුණි.
මහළු වියේ රූගත කිරීම් අවසන් වූ පසු නැවතත් තරුණ වියේ කොටස් රූගත කිරීමට ශරීරයේ බර අඩු කරීමට අවශ්‍ය වූ අතර ඒ වෙනුවෙන් අමීර්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය.
කෙසේහෝ ශරීරයේ බර කිලෝ 96 සිට 68 දක්වා මාස 5ක් වැනි කෙටි කාලයක් තුල අඩුකර ගැනීමට ඔහු සමත්වී තිබෙනවා. මෙලෙස සුළු කාලයක් තුල ශරීරයේ වෙනස්කම් සිදුකීරීමට ඔහු කල කැපවීම ඇතුලත් විඩියෝවක් පසුගිය දිනක නිකුත්විමත් සමඟ ලොව පුරා සිටින අමීර්ගේ රසිකයින් ඉතා විශ්මයට පත් වුනා.
ඒත් ඔහු නම් කියන්නේ මේ විදහට ශරීරයේ බර සුළු කාලයක් තුල අඩු වැඩි කිරිම සෞඛ්‍යට එතරම් හිතකර දෙයක් නොවන බවයි.