පාපන්දු තරඟයක දැල් රකින්නා විසින් ගෝලයක් වාර්තා කිරීම කොතරම් දුර්ලභ දෙයක් යන්න, ඔබ පාපන්දු තරඟ නරඹන කෙනෙක් නම් හොදින්ම දන්නවා ඇති. ඒ වගේම තමයි පාපන්දු තරඟයක බයිසිකල් පහරකින් ගෝලයක් වාර්තා කිරීමත් අතිශය දුර්ලභය දෙයක්. ඒත් මේ දුර්ලභ සිදුවීම් දෙකම එක අවස්ථාවක සිදුවුනොත් ඒය කොතරම් දුර්ලභ දෙයක් වේවිද? එවැනි අතිශය දුර්ලභ ගෝලයක් Baroka FC පාපන්දු කණ්ඩායමේ Oscarine Masuluke දැල් රකින්නා විසින් වාර්තා කීරීමට සමත්වී තිබෙනවා. Orlando Pirates කණ්ඩායමට එරෙහිව ඔහු ලබාගත් මෙම ගෝලය ලෝකය පුරා පාපන්දු ලෝලීන් අතර ඉතා ජනප්‍රියත්වයට පත් වුනා.