මිලියන ගණනක් මිනිසුන්ගේ ජීවිත වෙනස් කලහැකි නව නැපැයුම
Submitted by Srilife on Tue, 10/27/2015 - 22:43තුන් වන ලෝකයේ බොහෝමයක් දුලිදු රටවල සෞඛ්‍යට තිබෙන ලොකුම තර්ජනයක් තමයි පිරිසිදු පානීය ජලය නොමැතිවීම. ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් පිරිසිදු පානීය ජලය නොමැතිකම නිසා දරුණු බෝවන රෝගවලට ලක්වනවා. දශක ගණනාවක් මේ ගැටළුවට විසදුමක් සපයන්න නොහැකි වුණේ මෙවැනි රටවලට ජලය පිරිසිදු කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසයි. එහෙත් නව නිර්මාණකරුවෙක් මේ ගැටළුවට ඉතා සාර්ථක විසදුමක් ඉදිරිපත් කර තිබෙනවා. ඉතා සරල, බරින් අඩු, අඩු වියදම් එහෙත් ඉතා හොදින් ජලය පිරිසිදු කල හැකි Filter එකක් ‘‘Lifestraw‘‘ නමින් ඔහු එලිදක්වා තිබෙනවා. මෙය මිලියන ගණනක් අසරණ මිනිසුන්ගේ ජීවිත වෙනස්කල හැකි වටිනා නිර්මාණයක් වේවි.