ඔබේ ඇස්වල පෙනීම පරීක්ෂා කර බැලීමට හැකි විනෝදාක්මක පරීක්ෂණයක් පහත විඩියෝවේ අතුලත්වනවා. මෙම පරීක්ෂණය ඔබ ඇස් කණ්නාඩි පැලදීම අවශ්‍යද නැතිද යන්න තහවුරු කර දෙනවා.
මෙහි පළමු පරීක්ෂණය වන්නේ R අකුරු අතරේ තිබෙන B අකුරු දෙක සොයා ගැනීමයි. සැගවුණු අකුරු රතු පාටින් වර්ණ ගන්වා පෙන්වීමට පෙර ඔබ ඒවා සොයාගත යුතුයි. දෙවන පරීක්ෂණය සමත් විමට නම් l අකුරු අතරේ තිබෙන අංක 1 ඉලක්කම සොයාගත යුතුවනවා. තුන්වන පරීක්ෂණයේ දි 9 ඉලක්කම් අතර තිබනෙ 6 ඉලක්කම් දෙක සොයා ගත යුතු අතර අවසාන පරීක්ෂණය සමත් වීමට M අක්ෂර අතර තිබෙන N අක්ෂර දෙක ඔබට දර්ශනය විය යුතුයි.
මේ පරීක්ෂණ හතරේම තිබු සැගවුණු අකුරු හා ඉලක්කම් රතු පාටින් වර්ණ ගැන්වීමට පෙර දුටුවා නම් ඔබේ ඇස් පෙනිම හොද තත්වයක පවතිනවා. ඒ නිසා ඔබට ඇස් කණ්නාඩි පැලදීම අවශ්‍ය වන්නේ නැහැ.