අළුත්ම ICE AGE චිත්‍රපටයේ Trailer එක හිනා වේවී බලන්න
Submitted by Srilife on Thu, 12/17/2015 - 00:14ICE AGE ත්‍රිමාණ සංජීවිකරණ චිත්‍රපට මාලාව ආදායම් වාර්තා අතරට එක් වු අතිශය සාර්ථක චිත්‍රපට මාලාවක්. අපේ රටෙත් ICE AGE චිත්‍රපට මාලාවට ආදරය කරන රසිකයින් බොහෝ පිරිසක් සිටිනවා. ඔබත් ICE AGE රසිකයෙක් නම් මේ කියන්න යන්නේ ගොඩක් සතුටු වෙන්න පුළුවන් ආරංචියක්. ඒ තමයි ICE AGE චිත්‍රපට මාලාවේ අළුත්ම කථාංගය ICE AGE: COLLISION COURSE ලබන වසරේ ජුලි මාසයේ 22 දින සිට තිරගත විමට නියමිතව තිබෙනවා.
කිසිදිනක අල්ලා ගැනීමට නොහැකි ඕක් ගෙඩිය පසුපස හඹායන Scrat ලේනා අතින් අභ්‍යාවකාශයේ දී සිදුවන අහඹු අත්වැරදීම් කීපයක් නිසා නැවතත් Ice Age ලෝකයට ලොකු කරදරයකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ කරදරවලින් ලෝකය බේරාගන්න Sid, Manny, Diego අතුළු කණ්ඩායමට මෙවර හැකිවේද? පිළිතුර දැනගන්න තවත් මාස කීපයක් ඉවසන්න ඔබට සිදුවේවි. එතෙක් අභ්‍යාවකාශයේ දී Scrat කරන පිස්සු වැඩ ඇතුලත් ICE AGE 5 පුර්ව ප්රචාරක පටය ඔබට දැන් නැරඹිය හැකියි.