තෙල් කෑන් ගිටාරය වාදනය කරමින් රෙගේ ගී ගයන වීදයේ අන්ධ බොබ් මාර්ලි

තෙල් කෑන් ගිටාරය වාදනය කරමින් රෙගේ ගී ගයන වීදයේ අන්ධ බොබ් මාර්ලි

තෙල් කෑන් එකක් හා කම්බි තුනක් යොදා ගනිමින් තමා විසින්ම නිර්මාණය කරගත් ගිටාරයක් අතැතිව වීදියේ ගී ගයන අපූරු සංගීතඥයෙක් ගැනයි මේ කියන්න යන්නේ. ඔහු Wesseh Freeman නම් අන්ධ ලයිබීරියානු වීදි වැසියෙක්. නමුත් ඔහුගේම ගිටාරය වාදනය කරමින් ඉතාමත් අපූරු අසන්නන් මවිත කරන රෙගේ සංගීතයක් මවන්නට ඔහු සමත්.


මේ අපූරු රෙගේ සංගීතයට සවන් දුන් ලයිබීරියාවේ O! Chips නම් potato chips නිෂ්පාදන සමාගමක හිමිකරුවන් දෙදෙනෙකු වන Ramchandani නම් සහෝදරයින් දෙදෙනා තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය සදහා මේ සංගීතය යොදා ගන්නට තීරණය කලා. ඒ අනුව ඔවුන් දෙදෙනා විසින් තම නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සදහා සංගීත කණ්ඩයක් නිර්මාණය කරන්නට මේ රෙගේ සංගීතඥයාට ආරාධනා කලා. Weesay ඒ වෙනුවෙන් නිර්මානය කල ගීතය ඇතුලත් විනාඩි දෙක හමාරක වීඩියෝව සමාගමේ YouTube චැනලයට එක් කිරීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුල ලොවපුරා මිලියනයක් පමණ දෙනා නරඹා තිබුණා

මේ වීඩියෝව අන්තර්ජාලයේ විශාල ආන්දොලනයක් ඇති කිරීමත් සමග මේ  තෙල් කෑන් ගිටාර් වාදකයාට කාගේත් අවධනය යෙමු වුණා. ඔහුගේ දක්ෂතාවය අගය කල ඇමරිකානුවෙක් ඔහුට වටිනා ගිටාරයක් තෑගි කලා. ඒ වගේම ඔහුට නිවසක් ලබා දිමේ හා ඔහුගේ අන්ධබව නැති කිරීමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දිමේ අරමුණින් Ramchandani සහෝදරයන් විසින්  Indiegogo නමින් ආධාර ලබා ගැනීමේ වැඩසටහනක් ද ආරම්භ කලා. ඔහුගේ නමින් පවත්වාගෙන යන YouTube චැනලයට හා facebook පිටුවට ඔහුගේ සංගීත නිර්මාණ ඇතුලත් කිරීමද දැන් සිදු කරනවා.


 

O! Chips, Liberia. The theme song. Artist: Weesay the free-spirited Liberian

© 2015 srilife.lk