උත්තම පූජා - සත්ව ඝාතනයට එරෙහිව ගැයෙන නව පරපුරේ ගීතයක්. නරඹන්න Submitted by Srilife on Thu, 03/03/2016 - 14:23 Black Diamondz මහනුවර ප්‍රදේශයේ තරුණයින් 3 දෙනෙක් එක් වී නිර්මාණය කළ නව ආරේ සංගීත කණ්ඩායමක්. සාර්ථක ගීත කිහිපයක්ම එළිදක්වා ඇති මෙම සංගීත කණ්ඩායමේ නවතම ගීතය අද සමාජයට හොද පණිවිඩයක් දෙන ගීතයක්. ‘උත්තම පූජා‘ ලෙස ඔවුන් විසින්ම 2013 නිර්මාණය කළ මෙම ගීතය reMake එකක් ලෙස නව සංගීත සංයෝජනයකින් අදට ගැලපෙන ලෙස වීඩියෝවත් සමග එලි දක්වා තිබෙනවා. Black Diamondz සාමාජික අමිල M. වික්‍රමසිංහ විසින් සංගීත නිර්මාණය කර ඇති මෙම ගීතයෙන් සත්ව ඝාතනයෙන් වැලකී සිටීම ගැන, හදවතට දැනෙන අයුරින් නව සංගීතය මුසු කරමින් නව පරපුරේ හදවත් වලට කතා කිරීම විශේෂත්වයක්. Neranjan Gune සහ Dhanush K ගායනා කරන මෙම ගීතය සමන් විදානගමගේ පද රචනයක්. ගීතය පටිගත කිරීම සිදු කර ඇත්තේ මහනුවර JAYA Records & Productions ශබ්දාගාරයේදීයි. Uththama Pooja උත්තම පුජා (Pop RnB ReMake 2016) - Neranjan Gune & Dhanush K (BLACK DIAMONDZ) Video of Uththama Pooja උත්තම පුජා (Pop RnB ReMake 2016) - Neranjan Gune & Dhanush K (BLACK DIAMONDZ) Sri Arts ‹ Previous Next ›