මද්දා කියලා අළුත්ම Youtube චැනල් එකකින් එළියට දාපු ඔවුන්ගේ පළමු වීඩියෝ එක තමයි මේ. ෆොටෝ එකක් ගන්න ස්ටුඩියෝ එකකට ගිහින් සිදුවුන අපූරු සිදුවීක් තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. සමහර විට ඔබට මේ මද්දා ටිකක් හුරු පුරුදු ඇති. පසුගිය කාලේ ඉතා ජනප්‍රිය වුණු මැලිබන් ක්‍රීම් ක්‍රැකර් වෙළඳ දැන්වීමක හිටපු පොඩ්ඩා ඔයාලට මතකද මන්දා. යාළුවා, පෙම්වතියට ගිහින් දෙන්න කියලා දුන්න බිස්කට් පැකට් එක හොරෙන් කාලා, එකම එක බිස්කට් එකක් විතරක් පෙම්වතියගේ අතට දෙන ඒ පොඩ්ඩා තමයි ‘‘මද්දා‘‘ විදහට මේ නිර්මාණයේ ඉන්නේ. මේ කෙටි වීඩියෝවේ ඉන්න අනිත් කොලුවා වේදිකා නාට්‍යවලින් දක්ෂතා දක්වන තරුණයෙක්. එයාගේ නම ලහිරු චානක. ඉදිරියේ දී මද්දාගේ තවත් අළුත් වැඩ එළියට දාපු ගමන්ම srilife වෙබ් අඩවියෙන් ඔයාලා සමීපයට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් බලන්නකෝ මද්දාගේ පළමුවෙනි වීඩියෝව පාස්පොර්ට් සෙල්ෆිය හෙඳද කියලා..