Srilanka vs India December 10th 2017 High Light

කාලෙකට පස්සෙ ලංකාව ඉන්දියාව පැරැද්දුව මැච් එකේ විශේෂ අවස්ථා

මේ කතාව කියවලාම පහත වීඩියෝව බලන්න.

ලංකාව දිගින් දිගටම මැච් පරාද වෙන ලංකාවේ හැමෝටම එපා වෙලා. හැම මැච් එකම පරදිනවා. ඉදලා හිටලා එකක් දිනුවත් ඒකත් හරිම අමාරුවෙන් තමයි දිනුවේ. ඉස්සර අඩුම T20 දිනුවා දැන් ඒකත් නෑ. මේ තත්වෙන් තියෙද්දි තමයි 2017 දෙසැම්බර් 10 වෙනිදා ඉන්දියාවේ ධර්මශාලා ක්‍රීඩාංගනයේ පැවැත්වුන එක්දින තරගය සුපිරි විදියටම දිනුවා. ඉස්සර අපේ ටීම් එක මැච් ගැහුව විදිය ලංකාවේ ක්‍රීඩා ලෝලී හැමෝටම මතක් වෙන්න ඇති. මතක ඇති කාලේක මෙතරම් අඩු ලකුණු ගාණකට ඉන්දියාව අපි දවාගෙන නැහැ. මේක තමයි Power Play අවස්ථාවේ ටීම් එකක් ගහපු අඩුම ලකුණු ගණන. ආඩම්බර ඉන්දියාවට හොඳ පාඩමක් එකක් අපිට අළුත් වාර්තාවකුත් තියන්න මේ මැච් එකේදි පුළුවන් උනා.

මේ මැච් එකට කලින් ලංකාවේ ටීම් එකම දලයි ලාමා තුමා හමු වෙලා ආශිර්වාද ගත්තා. සමහර විට ඒක ආශිර්වාදයක් වෙන්න ඇති. හැම කෙනෙක්ම සුබ කටයුත්තකට, තරඟයකට යනකොට පිරිත් කියලා, පිරිත් නූල් බැඳලා ආශිර්වාද කරන සිරිතක් අපේ රටේ තියෙනවා. ක්‍රිකට් කණ්ඩායමටත් මේ විදියටම ආශිර්වාද කරන්නේ ඉස්සර ඉඳන්ම තමයි. ඒත් දැන් නම් අපේ සමහර අය පිරිත් නූල අල්ලන්නෙවත් නෑ. ඇලජික් වගේ. මේ කියන්න හදන්නේ ඒක හින්ද මැච් පැරදුනා කියලා නෙවෙයි. කණ්ඩායමේ අනිත් සාමාජිකයින්ගේ මොකක් හරි විශ්වාසයක් තියෙනවානම් ඒකට ගරු කරලා ඔවුන් සමඟ එක්වෙලා ඒ දේවල් කරන්න බැරි, සාමාජිකයින් ඉන්න ක්‍රිකට් කණ්ඩායමක එකමුතු කමක් කොහොම තියෙන්නද? ඉස්සර කණ්ඩායමේ එහෙම දෙයක් තිබ්බේ නෑ. මුරලිත් පිරිත් නූල් බැන්දා. ඒකයි කණ්ඩායම් හැගීම, එකමුතු කම කියන්නේ. දැන් ඉන්න සමහර අයට ඒ හැගීම නෑ. තමන්ගේ ආගම, ජාතිය ගැන ඔලුව ඉදිමුවාගෙන ඉන්න විකාර නායකයෝ, සාමාජිකයෝ කණ්ඩායමේ ඉන්නකන් මේ එකමුතුකම හදන්නත් බැරිවේවි. 

කාලෙකට පස්සෙ ලංකාව ඉන්දියාව පැරැද්දුව මැච් එකේ විශේෂ අවස්ථා

© 2015 srilife.lk