Google's New PhotoScan App Turns Your Old Photos Into Digital Memories

ඔබේ පරණ ෆොටෝ ආරක්ෂා කරගන්න Google වෙතින් නවතම App එකක්

90 ගණන්වල හෝ ඊටත් කලින් ගත්ත ‍පරණ ෆොටෝ තවමත් ඔබ ළඟ තියෙනවා වෙන්වන පුළුවන්. පරණ මතකයන් නැවත සිහි ගන්වන මේ පරණ ෆොටෝ ආරක්ෂා කරගන්න විදහක් ගැන ඔබ හිතුවද? එහෙම හිතුව ගමන්ම ඔළුවට එන හොඳම ක්‍රමය තමයි පරණ ෆොටෝ ඩිජිටල් කරණය කරන එක

පරණ ෆොටෝ එකක් ඩිජිටල් කරගන්න තියන ලේසිම ක්‍රමය තමයි ඒවා ස්කෑන් කරන එක. එහෙම කරන්න ඔබ ළඟ ස්කෑනරයක් තියෙන්න ඕන. නැත්තම් ස්කෑනරයක් තියන ආයතනයකින් මුදල් දීල ස්කෑන් කරගන්න ඕන. මේ විදහට එක එක පින්තූරේ ස්කෑන් කරන්න සෑහෙන කාලයක් වගේම මුදලකුත් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒක හින්දනේ තවමත් ඔබේ පරණ ‍මතකයන් අනාරක්ෂිතව එහෙ මෙහ අහුමුලුවල දාල තියෙන්නේ.

ඒත් මේ වැඩේ ඔබේ ස්මාට් දුරකථනයෙන් කරන්න ක්‍රමයක් තිබුණොත්  ඔබ මොකද හිතන්නේ?  අහන්න දෙයක් නෑ ඒ වැඩේට නම් ඔබ ගොඩක් කැමති වේවි.  

අපේ පරණ මතකයන් සහිත වටිනා ඡායාරූප ඩිජිටල් පිටපත් බවට පත් කරන්න ඉතා පහසු ක්‍රමයක් මෑතකදී Google සමාගම විසින් හඳුන්වා දුන්නා. ඔවුන් මේ සඳහා ස්මාර්ට් දුරකථන app එකක් හඳුන්වා දී තිබෙන අතර එය නම් කර ඇතතේ Google PhotoScan ලෙසයි. ඉතා සුළු කාලයක් තුල වඩා පහසුවෙන් මෙම app එක හරහා ඔබගේ පැරණි ඡයාරූප, දුරකථනයට පිටපත් කර ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා. PhotoScan  මඟින් ලබා ගන්නා ඩිජිටල් පිටපත, දුරකථනයේ කැමරාව ඡයාරූපය මතට එල්ල කර ලබා ගන්නා ඡයාරූපයකට වඩා ඉතා පැහැදිලිව ලබාගන්න පුළුවන්. iOS සහ  Android යන මෙහෙයුම් පද්ධති දෙක සඳහාම මෙම app එක හඳුන්වා දී තිබෙනවා.

පහත වීඩියෝවෙන් මෙය ක්‍රියාත්ම කරන ආකාරය ගැන වඩා හොඳ අදහසක් ලබා ගන්න පුළුවන්

 

Introducing PhotoScan by Google Photos

© 2015 srilife.lk