අන්තර්ජාලය හරහා භාණ්ඩ අලවිකරණ ලෝකයේ අංක එකේ අලවිකරුවා වන Amazon සමාගම අති නවීන සුපිරි වෙළඳසැල් ජාලයක් ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙනවා. ලෝකයේ සුපිරි වෙළඳසැල් සඳහා භාවිතා කළ ඉහළම තාක්ෂණය මේ තුල භාවිතා වන බව සමාගම පවසනවා.
ස්මාර්ට් දුරකථන App එකක් මඟින් මෙම සුපිරි වෙළඳසැලට ඇතුල්වන පාරිභෝගියා හඳුනාගන්නා අතර ඉන්පසු ඔහුට කැමති ඕනෑම දෙයක් වෙළඳසැලෙන් ලබාගත හැකියි. ඔහු ගන්නා සෑම භාණ්ඩයකම මිල ස්වයංක්‍රියව ඔහුගේ Amazon ගිණුම හරහා අය කරගැනීම මෙහිදී සිදුවෙනවා. යම් භාණ්ඩයක් අනවශ්‍ය නම්, එය නැවත තැබීමෙන් පසු එම භාණ්ඩයේ මිල ස්යංක්රීයවම නැවතත් ගිණුමට බැර වෙනවා. Amazon Go ලෙස නම් කර ඇති මෙම ක්‍රමය නිසා පාරිභෝගිකයන්ට කැමති දෙයක් තෝරාගෙන ඉතා නිදහසේ වෙළඳසැලෙන් පිටව යන්නට පුළුවන්.
මෙහි පළමු සුපිරි වෙළඳසැල 2017 වර්ෂයේ මුල් කාලය තුලදීම කැලිෆෝනියාවේ සියැටල් හි ආරම්භ කරන බව සමාගම පවසනවා.