තක්ෂණයේ මහිමයෙන් කුරුළු ලෝකට අළුතින්ම එකතු වූ ස්මාර්ට් කුරුල්ලා
Submitted by Srilife on Tue, 12/06/2016 - 13:43Festo ජර්මානු සමාගම අසාමාන්‍ය ආකාරයේ රොබෝවන් නිපදවීම නිසා ප්‍රසිද්ධියට පත්වූ සමාගමක්. ඔවුන් ස්වභාවික පරිසරයේ ජීවත් වන සතුන්ට සමාන රොබෝවන් නිපදවීමට දැඩි උනන්දුවක් දක්වනවා.
Festo සමාගම නිපදවු SmartBird නම් රොබෝව, කුරුල්ලෙකුගේ හැසිරීම් රටාව අනුකරණය කර නිපදවු විශ්මිත නිර්මාණයක්. මෙම රොබෝ කුරුල්ලාට පොළවෙන් ඉහළට ගමන් කිරීමට, අහසේ පියාසර කිරීමට සහ නැවතත් පොළවට පැමිණීමට හැකියාව තිබෙනවා.
මෙම රොබෝවේ පියාපත්, ජීව විද්‍යාත්මකව කුරුල්ලෙකුගේ පියාපත්වල සිදුවන ක්‍රියාකාරීත්වයට සමානව නිර්මාණය කර තිබීම නිසා, ඉහළ අහසේදී මෙය ස්වභාවික කුරුල්ලකු සේම දර්ශනය වෙනවා. ඒ වගේම මේ රොබෝ කුරුල්ලා හට ඌගේ හිස හැරවීමෙන් පියාඹන දිශාව වෙනස් කිරීමට හැකියාව තිබෙනවා.