කදු පල්ලම්, වල ගොඩැලි ඕනෑම තැනකට ඔට්ටු අළුත්ම ප්‍රංශ කාර් එක Submitted by Srilife on Thu, 10/27/2016 - 17:54 Swincar Spider ලෙස නම් කර ඇති මේ නව විදුලි මොටර් රථ නිර්මාණයට ඕනෑම පරිසර තත්වයක ඇති බාධා මගහැර ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. එහි නිර්මාණය කර තිබෙන මකුළුවෙකුගේ පාදවලට සමාන කොටස් නිසා සාමාන්‍ය මොටර් රථයකට ගමන් කළ නොහැකි බාධක සිහිත පරිසරයන් තුල පවා ඉතා පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ප්‍රංශ නිර්මාණයක් වන මෙය වසර ගණනක අත්හදා බැලීම් හා පරීක්ෂණවල ප්‍රතිඵලයක් බව නිර්මාණකරුවන් පවසනවා. කදු සහිත පරිසරයන්, කැලෑවන් හා මුහුදු වෙරළ වැනි ස්ථානවල නිදහසේ පරිසරය රස විදිමන් ගමන් කරන්නට කැමති පුද්ගලයන් වෙනුවෙන් මෙම පරිසර හිතකාමී විදුලි මොටර් රථය නිර්මාණය කල බව ඔවුන් තවදුරටත් පවසා සිටියා. SWINCAR E-Spider - Extreme Off-Road 2 Video of SWINCAR E-Spider - Extreme Off-Road 2 Technology ‹ Previous Next ›