Volkswagen's The People's Car Project Hover Car

ජනතාවගේ අදහස් ලබා ගෙන නිර්මාණය වන Volkswagen අනාගත මොටර් රථය

2011 මැයි මාසයේ දී ජර්මනියේ Volkswagen සමාගම සාමාන්‍ය ජනතාවගෙන් අදහස් ලබා ගනිමින් අනාගතය සඳහා වූ මොටර් රථයක් නිපදවීමේ "People's Car Project" නම් ව්‍යාපෘතිය ආරම්භ කළා. මේ සඳහා ජනතාවගේ අදහස් ලබා ගැනීම අන්තර්ජාලය හරහා සිදුකළ අතර Volkswagen සමාගම මේ සඳහා තෝරා ගෙන තිබුණේ චීනයයි. Volkswagen සමාගමේ විශාලතම වෙළඳපලක් වීම හා මිලියන 450කට වාඩා පිරිසකට අන්තර්ජාල පහසුකම් තිබීම මේ සඳහා චීනය තෝරා ගැනීමට හේතු වී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා 119,000 ක් පමණ නව අදහස් අන්තර්ජාල භාවිතා කරන්නන් විසින් ලබා දී තිබුණු අතර ඉන් අදහස් තුනක් තෝරාගෙන ඒවා නිර්මාණය කිරීමට Volkswagen සමාගම තීරණය කර තිබෙනවා. ඔවුන් තෝරාගත් නව නිර්මාණ අදහස් තුන  Hover Car, Music Car සහ Smart Key ලෙස නම් කර තිබෙනවා.

මේ අතරින් Volkswagen Hover Car ලෙස නම් කර ඇති නිර්මාණය දෙදෙනෙකුට ගමන් කළ හැකි, පොළවට වඩා අඩි කිහපයක් ඉහළ පාවෙමින් ගමන් කරන මොටර් රථයක්. මෙය විද්‍යුත් චුම්බක මාර්ග පද්ධතියක් හරහා ගමන් කළ යුතු වන අතර මේ පිළිබඳ අදහස අන්තර්ජාලය හරහා ලබා දී තිබුණේ චීන ජාතික කාන්තාවක් විසිනුයි.

පහත දැක්වෙන්නේ  Hover Car අනාගත මොටර් රථය පිළිබඳ අන්තර්ජාලයට එක් කර තිබූ කෙටි වීඩියෝවක්

 

Volkswagen's The People's Car Project: Hover Car PART 1

© 2015 srilife.lk