චීනයේ මාර්ගයක ගිය වාහන 3ක් එක වර අහසට විසිකළ මේ අත්භූත බලය මොකක්ද?

චීනයේ මාර්ගයක ගිය වාහන 3ක් එක වර අහසට විසිකළ මේ අත්භූත බලය මොකක්ද?

චීනයේ Xingtai නගරයේ මංසංන්ධියක් අසල සිදු වු අත්භූත සිදුවීමක විඩියෝවක් පසුගිය දා LiveLeak youtube චැනල් එක මගින් අන්තර්ජාලයට ඇතුලත් කර තිබුණා.  ගමන් කරමින් තිබෙන වාහන තුනක් අසාමාන්‍ය  විදහට එකවරම අහසට එසවී නැවතත් බිමට පතිත වන ආකාරය එම වීඩියෝවේ සටහන් වී තිබුණා.

 මෙය නැරඹු බොහෝ දෙනෙක් ඉතාමත් විශ්මයට පත් වු අතර අදෘෂ්‍යමාන බලයක් මගින් මෙසේ වාහන තුන අහසට ඔසවන්නට ඇති බවයි විශ්වාස කලේ. නමුත් සමහර දෙනෙක් මෙය අදෘෂ්‍යමාන බලවේගයක් නොවන බව හා මේ අසාමාන්‍ය සිදුවීම පිළිබද  විවිධ පැහැදිලි කිරීම් සිදුකර තිබුණා. ඒ අතර එක් අයෙක් පවසා තිබුණේ දකුණු පසින් තිබෙන ට්‍රක් රථයෙන් වැටුණු කේබල් එකක් මාර්ගය  හාරහා වැටී තිබෙන්නට ඇති අතර ට්‍රක් රථය ඉදිරියට ගමන් කිරීමත් සමග කේබල් එක මත තිබූ වාහන මෙසේ ඉහලට එසවෙන්නට ඇති බවයි.

කෙසේවෙතත් චීන මාධ්‍ය වාර්තා කලේ මාර්ගය හරහා වැටී තිබු කම්බි කැබැල්ලක් නිසා මෙය සිදුවු බවයි. විඩියෝවේ දකුණු පසින් දැක්වෙන ට්‍රක් රථය මාර්ග සුද්ද පවිත්‍ර කරමින් සිටි වාහනයක් වන අතර එහි බ්‍රෂ් එකේ මෙම කම්බි කැබැල්ල පැටලී එතීයාම නිසා කම්බි කැබැල්ල ඉහලට එසවෙන විට ඒ අසල තිබු වාහන තුනත් මේ ආකාරයෙන් ඉහලට එසවී ඇති බවයි ඔවුන් පැහැදිලි කලේ.

LiveLeak - Bizarre accident with vehicle tail left in air by unknown force

© 2015 srilife.lk