Baby's life saved by quick reactions of 9 year old brother

මේසයෙන් වැටෙන්නට ගිය කුඩා බිළිදාගේ ජීවිතය බේරාගත් 09 හැවිරිදි වීරයා

අවුරුදු 09ක් වයසැති  Joseph නැමති පිරිමි දරුවෙක්, මාස 11 වයසැති තම කුඩා සොහොයුරාගේ ජීවිතය බේරාගත් වීරක්‍රියාවක් පිළිබඳ වීඩියෝවක් අන්තර්ජාල පුරා පැතිරෙමින් තිබෙනවා.

Joseph ගේ මවට තවත් දරුවන් සිව් දෙනෙකු සිටින අතර, ඇගේ මාස 11ක් වියැති  බිළිදා මේසයක් මත තබා වෙනත් දරුවකුගේ කටයුත්තක් සඳහා අනෙක් පස හැරී සිටිනවා. මේ අතර මේසය මත සිටි කුඩා බිළදාගේ කකුලක් මේසයෙන් ඉවතට ගමන් කරනවා . තවත් තත්පර කීපයක් ගතවන විට බිළිදා මේසයෙන් සම්පූර්ණයෙන්ම ඉවතට වැටෙන අතර එය දුටු Joseph, බිළදා බිම පතිත වීමට ඉතාම අසන්නයේදී එක්වරම පැන ආරක්ෂිතව අල්ලා ගන්නවා.

තත්පර කීපයක් තුල සිදුවූ දෙය තේරුම්ගත් මව කුඩා බිළිදා සහ ඔහුගේ ජීවිතය බේරාගත් Joseph ආදරයෙන් වැළදගන්නවා.

මීට මාසයකට පමණ පෙර සිදුවූ මේ සිදුවීම නිවසේ CCTV කැමරාවේ සටහන් වී තිබූණා. පසුව Joseph ගේ මව විසින් අනෙක් මව්වරුන්ට අවවාදයක් පිණිස මේ වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරීමට තීරණයකර තිබෙනවා.  

9-year-old Florida boy catches and saves infant brother from 4-foot-fall

© 2015 srilife.lk