පාපන්දු කණ්ඩායමට සිදුවූ ගුවන් අනතුර ගැන මාස 8කට පෙර කියූ අනාවැකිකරුවා
Submitted by Srilife on Sun, 12/04/2016 - 01:55බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් ගමන් කරමින් සිටි ගුවන් යානයක් කොලොම්බියාවේ දී අනතුරට ලක්වීම පිළිබඳ සෝචනීය පුවත් පසුගිය දින කීහිපය පුරාම අසන්නට ලැබුණා. මෙම අනතුරින් පාපන්දු කණ්ඩායම ඇතුලුව යානයේ ගමන් ගත් මගීන් 81 දෙනාගෙන් 76 දෙනෙකුම මරණයට පත්වුණා.
මෙම ගුවන් අනතුර ගැන ලෝකයේම අවධානය යොමු තිබෙන අතරතුර මෙය සිදුවන බව කල්තියා පැවසූ බ්රසීලයානු අනාවැකිකරුවෙක් පිළිබඳ සමාජජාල වෙබ් අඩවි හරාහා තොරතුරු වාර්තාවීමට පටන්ගෙන තිබෙනවා.
Santos Carlinhos නම් වන මොහු 53 හැවිරිදි බ්‍රසීලියානු ජාතිකයෙක්. මීට පෙර සාර්ථක අනාවැකි කීපයක්ම පළකර තිබෙන මොහු 2014 වසරේ පැවැත් වු පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයෙන් 7-1 ලෙස ජර්මනිය හමුවේ බ්‍රසීලය පරාජය වන බවට පළකල අනාවැකි සීයට සියක්ම සත්‍යයක් වුණා. එමෙන්ම බ්‍රසීල පාපන්දු ක්‍රීඩක Neymar හට තරඟාවලිය අවසන්වන තුරු අබාධයකට ලක්ව සිටීමට සිදුවන බවද ඔහු පවසා තිබුණා.
සමාජජාල වෙබ් අඩවි වලට නිතුත් වි ඇති කෙටි වීඩියෝවක, ඔහු පසුගිය මාර්තු මාසයේ දී ගුවන් අනතුරක් පිළිබඳව පළකල අනාවැකිය අතුලත්ව තිබෙනවා.
එහිදී ඔහු “ පාපන්දු කණ්ඩායමක් මුලුමනින්ම ගුවන් අනතුරකින් මිය යනවා. මම මේ කියන දේ සටහන් කරගන්න. එය තවත් වසර එක හමාරක් තුල සිදුවනවා“ යනුවෙන් ප්‍රකාශකර තිබුණා.
මෙහදී ඔහුගෙන් මෙය බ්‍රසීල පාපන්දු කණ්ඩායමකට සිදුවන අනතුරක් දැයි ප්‍රශ්න කරන අතර එවිට ඔහු පවසන්නේ “ එම ප්‍රශ්නයට නිශ්චිතව පිළිතුරු දීමට නොහැකි වුනත්, මෙය නිශ්චිතවම බ්‍රසීලයේදී හෝ විදෙස් රටකදී සිදුවේවි“ යනුවෙනුයි.
අනාවැකිය අතුලත් වීඩියෝව පහතින් නරඹන්න