ඩොනල්ඩ් ට්රම්ප්ගේ ධනවත්කම පෙන්වන රන් අලේපිත පෞද්ගලික ගුවන් යානයට ගොඩවෙමු
Submitted by Srilife on Tue, 11/29/2016 - 17:43ඇමරිකාවේ බිහිවුණු ධනවත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන ඩොනල්ඩ් ට්රම්ප්ගේ ධනවත් බව පෙන්වන එක් සංකේතයක් තමයි ඔහුගේ පෞද්ගලික ගුවන් යානය. Boeing 757 වර්ගයේ ගුවන් යානයක් වන මෙය ලෝකයේ ඇති මිල අධිකම ගුවන් යානා අතරින් 8වන ස්ථානයට පත්වනවා. මෙම යානය තුල සුඛෝපභෝගී නිදන කාමර, කෑම කාමර, අමුත්තන්ගේ කාමර වගේම කැරට් 24 රන් ආලේපිත උපාංග සහිත නාන කාමරද තිබෙනවා. විනෝදාස්වාදය වෙනුවෙන් සැකසුනු සිනමා ශාලාවක් ද සහිත මෙහි, ගුවන් මගීයා වෙනුවෙන් ඉහළම සැප පහසුකම් සපයා තිබෙනවා. ට්රම්ප්ගේ මැතිවරණ ප්රචාරණ කටයුතු වලදී මෙම යානය පසුගිය කාලයේ විශාල වශයෙන් යොදාගෙන තිබුණු අතර මෙහි පැයක ගමන් වාරයක් සඳහා ඩොලර් 10,800 පමණ වැයවන බව සඳහන්.